භවග්ගු පදාහ අවීචි හෙට්ඨතො
එත්ථන්තරෙ සත්ත කයුප පන්නා
රූපී අරූපී ච අසඤ්ඤි නො
දුක්ඛා පමුඤ්ච්න්තු ඵුසන්තු නිබ්බුතිං!
බුද්ධ යනු ඤාණයට නමකි. එනම් දුක, දුකට හේතුව, දුකින් නිදහස, එම නිදහසට මග යන සැබෑ සතර දක්නා ඤාණයයි. සෝවාන්, සකදාගමී, අනාගාමී, අරහත් යන සතර මහ සතර ඵ්හලයට පත්වූවෝ යටකී චතුස්සත්ය ඤානය ලැබුවහු වෙති. "ආගම" යනු පැමිණීමයි. එවිට බුද්ධ+ආගම=බුද්ධාගම යනුවෙන් ගත්කල එකී චතුස්සත්ය ඤානයට හෙවත් සතර මග සතර ඵල ඤානයට පැමිණීම බුද්ධගම බව පෙනේ. බුදු වීම තුන් ආකරයකි. ලොව්තුර බුදු, පසෙ බුදු, මහරහත් බුදු යනු ඒ තුන් අකරයයි. ඉන් ලොව්තුරා බුදු වීම නම් කිසිවෙකුගේ ආධාරයක් නැතුව ස්ව ශක්තියෙන්ම චතුසත්ය අවබෝධ කර ගැනීමයි. පසෙ බුදු වීමට නම් බුදුවරුන් නූපදින කාලයක පෙර පුරුදු තාව අනුව සිත මෙහෙයවීමෙන් අනිත්ය, දුක්ඛ, අනාත්ම තත්වයන් වැටහීමට යම්කිසි උපදේශයක් ලැබීමෙන් චතුසත්ය අවබෝධ කර ගැනීමයි. රහත් වීම නම් බුද්ධ කාලයක දී ඒ ලොව්තුරා බුදුන්ගේ අනුශාසනාව ලෙස පිළිපැද ශීල, සමාධි, ප්‍රඥා වැඩීමෙන් චතුසත්ය අවබෝද කර ගැනීමයි.
මේ තුන් ආකාර බුදු බවම ලෝකෝත්තරයයි. ලෝකයෙන් එතෙර වු තත්වයෝය. ලෞකික බුදු බවකුත් ඇත. ඒ මේ ලෝකය පිලිබඳ වූවකි. හෙවත් ලෝක සමාජය තුලදීම ලැබිය හැකි වූවකි.
එය මෙසේය. ධර්මධරයන් ගෙන් අසා බලා ගැනීම, පොත් පත් බැලීමද යන "පරතෝඝෝෂප්‍රත්ය" හේතුවෙන් ද නුවනින් මෙනෙහි කිරීම නම් වූ "යෝනිසෝමනසිකාර" හේතුවෙන්ද යුක්තව ලෞකික ඤණයෙන් චතුස්සත්ය අවබොධ කර ගැනීමයි. "ශ්‍රැත බුද්ධ" යනු ඔවුන්ට නමෙකි. ලෝකෝත්තර ඤාකයෙන් බුඩුවන්නට පෙර දීර්ඝකලයක් ලෞකික ඤාණ්යෙන් සත්ය සතර අවබෝධ කර ගනිමින් විසීමම බුද්ධාගම බව දැන් වැටහී යායුතුය.
විශ්‍රාමලත් පාඨශලාචාර්ය ඩී. ඒ. ගුණවර්ධන
බෞද්ධයා
බුද්ධාගම මෙබඳු නිසා "බුද්ධ" නම්වූ එම ඤාණයට පැමිණීම සඳහා පිළිපදින්නා බෞද්ධයා හෙවත් බුද්ධාගම් කාරයා වෙයි. එබදු බුද්ධාගම් කරයා එකී ඤාණයට පස්වරක් පැමිණීමෙන් ඤාණයේ කෙළවරට යා යුතුයි. ඉන් එක් වරක් අනුබෝධ ඤාණයෙන් චතුසත්‍ය අවබෝධ කළ යුතුයි. එය වනාහී යටකී පරතෝඝෝෂ ප්‍රත්‍යය, යෝනිසෝමනසිකාරය යන දෙකින් ලබන චතුසත්‍යය වැටහීමේ ලෞකික ඤාණයයි. එම ලෞකික ඤාණය කලක් මුහුකුරා යන කල ලබන සෝවන් මාර්ග ඥානය සකෘදාගාමි මාර්ග ඥානය, අනාගාමි මාර්ග ඥානය, අරහත් මාර්ග ඥානයයි චතුසත්‍ය ඤානය ලෝකෝත්තර වශයෙන් සතර වරකට පහල වෙයි. මේ තත්වයට කවදා හෝ පැමිණෙන තෙක් නොකඩවා පිළිපැදීම ම බෞද්ධයකු විසින් කළයුතු එකම කෘත්‍යයි. මේ ගැන වැඩි විස්තර කියවෙන තුරු මින් බැහැර වූ කිසිවක් බෞද්ධයෙකුට කරන්නට නැති බව කොටින් තෙරුම් ගෙන වර්තමන බෞද්ධයාගේ තත්ත්වය ගැනද විමසා බැලීම සෑහෙයි. බෞද්ධයා යායුතු මග මෙසේම තිබියදී අද අපේ බෞද්ධයන්ගෙන් ඉතා වැඩි දෙනෙක් මේ මග නොයන බව එවිට පෙනෙනවා ඇත.

අබෞද්ධයා
"ඇත-නැත" යන පැවතීම් දෙක නිසා ලෝකයේ දෙසැටක් දෘෂ්ඨීහු පහළ වෙති. සත්වයෙක් පුද්ගලයෙක් ඇත. ඔහු කරන හොඳ නරක කර්මයන්ට විපාකයන් ඇත. හොද කර්ම කළාහු මෙලොවින් චුතව පරලොව සුගතියක උපදිති. ඒ උපදින බ්‍රහ්ම ලෝකාදී සමහර තැනක් සදාකාලික වෙති, යන වැටහීම් ඇත්තෝ අසත්වාදීහු හෙවත් ශාස්වතවාදීහු වෙති. සත්වයන් කරන හොඳ නරක දෙකටම විපාකයක් නැත. පරලොව ඉපදීමකුත් නැත. ඇත්තේ මේ ලොව ධාතු සංයෝගයකින් පහල වූ මේ ජීවිතය පමණකි. එහෙයින් මෙලොව කැමති දෙයක් කොට පස්කම් සැප විඳිය යුතුය, යන වැටහීම් ඇත්තෝ නස්තිවාදීහු නොහොත් උච්ඡෙද වාදීහු වෙති. ඔවුන්ගෙන් ශාස්වතවාදීහු සතර අපාය, මනුෂ්‍ය ලෝකය, සදිව්‍ය ලෝකය, සොළොස් බඹ ලොව, සතර අරූ තල යනුවෙන් ලෝකය තිස් එක් කොටසකට බෙදා ඉන් සතර කොටසක ඉපදීම සැපවත් ලෙසටත්, ඉතිරි විසි කොටසේ ඉපදීම ජීවිතයේ කෙළවර ලෙසටත් සලකත්. එහෙයින් ඔවුහු දස කුසලය කටයුතු බවටත් - දස අකුසලය නොකටයුතු බවත් සලකත්. එසේ සලක දස කුසලය දියුණු කරමින් සුගතිවල උපදිත්. දාන, සීල, භාවනා යන තුන් ප්‍රභෙදවූ දසකුසලයට වඩා කළයුත්තක් ඔවුන්ට නැත. මෙසේ සුගතියක සැප නිස කටුක දුක් පවා විඳිමින් පිළිවෙත් පුරති. එහෙයින් සුගතිය සත්වයන්ගෙන් හිස්නොවේ.
උඩත් පිරිසෙයින් සුගතියක් පතාගෙන කායික භාවනාවෙන් උපදවන පංචාභිංඥා, අෂ්ට සමාපත්ති පවා මේ ශාස්වත අන්තයට අයත්ය.
නාස්තිවාදීහු නොහොත් උච්ඡේද වාදීහු මෙලොව පසිඳුරන් පිණවීමට පමණක් පිළිපදින්නෝය. ඒ සඳහ ඔව්හු කර්මයක්, විපාකයක්, පරලොවක් නොසලක නීතියේ අවහිරයෙන් පමණක් බේරී ඕනෑම අපරාධයක් ධන සැපයීම සඳහ කරති. ඔව්න් නිසා ප්‍රණඝාතාදී දස අකුසලය ලොවෙහි දියුණු වේ.
මෙසේ මේ දස කුසලය හා දස අකුසලය ගරුකරගෙන ජීවිත ගෙවන මේ දෙපක්ෂය සුගති දුගති වල උපදිත්. ඒ ඉපදීම නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස ආදී නොයෙක් දුකට ගොදුරු වෙති. මේ දෙවැදෑරුම් වැටහීම් ඇත්තාහුම බෞද්ධයෝ නොවෙති. අබෞද්ධයෝය. කුසල් කොට සුගත්යෙහි ඉපදීමත්, අකුසල් කොට දුගතියෙහි ඉපදීමත් හැමකල්හි ලෝකවසී සත්වයන් අතර ස්වාභාවික ගතියකි. පින් හෝ පව් නොකරන කිසිම සත්වයෙක් ලොව නැත. තිරිසනුන් පවා එසේය. එහෙයින් මේ අන්ත දෙකම වැරදි පිලිපැදීම්ය.
මෙසේ සලකන කල පින් කොට හෝ පවුකොට ලොව කොතැනක හෝ උපදින්නට බලාපොරොත්තු වන්නා බෞද්ධයෙක් නොවේ. පින් කොට දෙව්, බඹ, මිනිස්, රජ, සිටු, සක්විති, තිරිසන්, ප්‍රේත, අසුර ආදී මොන නමකින් උපන්නත් එය දුකක්ම බව නොපෙණෙන එසේම ඉපදීමට හේතුව ඉපදීමට ආසවෙන් කරන පින් බව නොපෙණෙන නොදැනීම හෙවත් අවිද්‍යාව නමති අඳුරෙන් ලෝකය පිරී තිබෙන නිසා සත්වයෝ ලොව කොතැනක හෝ ඉපිදෙමින් මැරෙමින් දුකෙහිම ගැලී සිටිත්. මේ ජාති ජරා මරණාදී අනන්ත දුක්ඛයන්ට ඉලක්කය වන ස්කන්ධ, ධාතු ආයතනයන්ගේ නැවත නැවතත් පහලවීම් වශයෙන් ඉවරයක් නැතිව පැවතීම සංසාරයයි.
එකම සත්වයෙක් තමාගේ මාලවු මව් නිසා, පියා නිසා, සහෝදරයා නිසා, සහෝදරිය නිසා ඇඩූ කඳුලු මහා සාගරයේ ජලයටත් වැඩිය. ඌරුව, කුකුළුව ඉපිද හිස් සිදීම් වලදී ගැලූ ලේ කඳ වෙන වෙනම ගත් කල සතර මහා සාගර ජලයටත් වැඩිය. යනාදී වශයෙන් විස්තර වෙන මේ භයානක, අතිශයින් භයානක, අතිශයින් චංචල, අගක් මුලක් නැති මේ සසර කොතැනක හෝ ඉපදීමේ ආසාවෙන් කුසල් කරන්නාත් අකුසල් කරන්නාත් දෙදෙනාම බෞද්ධයෝ නොවෙති.
ධාන, ශීල, භාවනා සංඛ්‍යාත දස කුසලය සම්පුර්ණ කිරීමත් ඒ අනුව සුගතියක් ප්‍රර්ථනා කිරීමත් බෞද්ධයන් විසින් නොකළ යුතුද? ඒසේ කිරීම වැරදිද? යන සැකය දැන් මෙය කියවන්නා තුල පහලවී ඇතුවා නොඅනුමානය. එයට පිළිතුර මීලඟ කොටස කියවීමෙන් ලැබෙනතුරු ඉවසිලිමත්ව කියවිය යුතුයි.
ඇත්ත වශයෙන්ම බෞද්ධයා විසින් පළමුවෙන් අකුසලයෙන් වැලකීමත්, ඉන්පසු කුසල් වැඩීමත් කල යුතුමයි. නිවණ ලැබෙන තෙක් සසර උපදින ඔහුට කුසලයන්ගේ විපාකයෙන් සුගතියෙහිම ඉපදීමට සිදු වෙයි. එසේ ඉපදීමම සසර කොට කරන පිළිවෙත් පිරීමට ඔහුට උපකාරද වෙයි. එහෙයින් බෞද්ධයාටද දස කුසලයන් දියුණු කිරීම අවශ්‍යය. එහෙත් ඔහු විසින් එසේකළ යුත්තේ අන්‍යයන්සේ ඉපදීමක් පතගෙන නොවේ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණයන් හා චතුසත්‍යය අවබෝධ කරන අදහසින් සීල, සමාධි, ප්‍රඥාවන් දියුණු කරමින් අද අදම ඉපදීම නැති කරමියි යන අදහසින් මිස සසර උපදින අදහසින් නොවේ. එහෙත් ඔහුට මේ ජීවිතයේ දී ඉපදීම නැතිකර ගතහැකි පමණට දියුණුවක් හෙවත් ලෝකෝත්තර තත්වයක් නොලැබුනොත් සුගතියක උපදිනු නොඅනුමානය. එය ඔහු විසින් පිළිගත යුතුය. එය අනිකකි. පරම යුතුකම නම් අකුසල් පමණක් නොව කුසල් කරන තාක්ද සසර උපදින නිසා කවදාක හෝ මා විසින් කුසල් වැඩීමද නොකළ යුතු අවස්තාවක් පැමිණිය යුතුය යන ඇදහීම ඇතිව නිවණට පැමිණීමේ එකම බලපොරොත්තුවෙන් මිස සුගතියක හෝ ඉපදීමේ ආසවකින් කුසල් නොකිරීමය.

Comments
Post a Comment