දැහැමි රාජ්‍ය පාලනය
දැහැමි රාජ්‍ය පාලනය බුදුදහම හුදෙක් පරලොව දියුණුවට පමණක් අදාළවන්නක් නොවේ. එය පුද්ගලයාගේ මෙන් ම සමාජයේ ද ලෞකික දියුණුව පිළිබඳව ද කරුණු දක්වයි. ඒ සඳහා උපදෙස් ද ලබා දෙයි. රාජ්‍ය පාලනය පිළිබඳව එන ඉගැන්වීම් විමසා බැලීමේ දී ද ඒ බව පසක් වෙයි. රටක ප්‍රධාන පුරවැසියා වන්නේ එම රටේ පාලකයාය. ඔහුගේ ක්‍රියා කලාපය එම රටේ සෞභාග්‍යට හෝ විනශයට හේතු වේ. ඒ අනුව බුදු දහම අවධාරණය කරන්නේ පාලකයා සමාජ ආචර ධර්ම රකින, ධර්මික පිළිවෙත් අනුගමනය කරන්නෙකු විය යුතු බවයි. මීට අදාළ බෞද්ධ ඉගැන්වීම් අතර, * දස රාජ ධර්ම * දස සක්විති වත් * සප්ත අපරිහානී ධර්ම * සතර අගතියෙන් වැළකීම * සතර බ්‍රහ්ම විහාර * සතර සංග්‍රහ වස්තු * පඤ්චසීල ප්‍රතිපදාව යන කරුණු සුවිශේෂ වේ. මෙ ම ඉගැන්වීම් මගින් බෞද්ධ රාජ්‍ය පාලනයක පැවතිය යුතු ශික්ෂණය, සදාචාරත්මක බව, සමගිය, සමෘද්ධිය, සමානාත්මතාව, නිදහස හා දැහැමි බව ද වෙසෙසින් අවධාරණය වේ. මේවා රාජ්‍ය පාලනයට පමණක් නොව එදිනෙදා ජීවිතයේදී ද වෙනත් පාලන කටයුතු වලදී ද ආදර්ශ ගත හැකි පිළිවෙත් ය. එ බැවින් ඒ පිළිවෙත් එකිනෙක මෙසේ විමසා බලමු. දස රාජ ධර්ම දැහැමි පාලනයකට අවශ්‍ය වන එක් ඉගැන්වීමකි දසරජධ...











Comments
Post a Comment