Posts

Showing posts from January, 2018
Image
Image
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස භවග්ගු පදාහ අවීචි හෙට්ඨතො එත්ථන්තරෙ සත්ත කයුප පන්නා රූපී අරූපී ච අසඤ්ඤි නො දුක්ඛා පමුඤ්ච්න්තු ඵුසන්තු නිබ්බුතිං! බුද්ධ  යනු ඤාණයට නමකි. එනම් දුක, දුකට හේතුව, දුකින් නිදහස, එම නිදහසට මග යන සැබෑ සතර දක්නා ඤාණයයි. සෝවාන්, සකදාගමී, අනාගාමී, අරහත් යන සතර මහ සතර ඵ්හලයට පත්වූවෝ යටකී චතුස්සත්ය ඤානය ලැබුවහු වෙති. "ආගම" යනු පැමිණීමයි. එවිට බුද්ධ+ආගම=බුද්ධාගම යනුවෙන් ගත්කල එකී චතුස්සත්ය ඤානයට හෙවත් සතර මග සතර ඵල ඤානයට පැමිණීම බුද්ධගම බව පෙනේ. බුදු වීම තුන් ආකරයකි. ලොව්තුර බුදු, පසෙ බුදු, මහරහත් බුදු යනු ඒ තුන් අකරයයි. ඉන් ලොව්තුරා බුදු වීම නම් කිසිවෙකුගේ ආධාරයක් නැතුව ස්ව ශක්තියෙන්ම චතුසත්ය අවබෝධ කර ගැනීමයි. පසෙ බුදු වීමට නම් බුදුවරුන් නූපදින කාලයක පෙර පුරුදු තාව අනුව සිත මෙහෙයවීමෙන් අනිත්ය, දුක්ඛ, අනාත්ම තත්වයන් වැටහීමට යම්කිසි උපදේශයක් ලැබීමෙන් චතුසත්ය අවබෝධ කර ගැනීමයි. රහත් වීම නම් බුද්ධ කාලයක දී ඒ ලොව්තුරා බුදුන්ගේ අනුශාසනාව ලෙස පිළිපැද ශීල, සමාධි, ප්‍රඥා වැඩීමෙන් චතුසත්ය අවබෝද කර ගැනීමයි.   මේ තුන් ආකාර බුදු බවම ලෝකෝත්තරයයි. ලෝකයෙන් එ...

දැහැමි රාජ්‍ය පාලනය

Image
දැහැමි රාජ්‍ය පාලනය බුදුදහම හුදෙක් පරලොව දියුණුවට පමණක් අදාළවන්නක් නොවේ. එය පුද්ගලයාගේ මෙන් ම සමාජයේ ද ලෞකික දියුණුව පිළිබඳව ද කරුණු දක්වයි. ඒ සඳහා උපදෙස් ද ලබා දෙයි. රාජ්‍ය පාලනය පිළිබඳව එන ඉගැන්වීම් විමසා බැලීමේ දී ද ඒ බව පසක් වෙයි. රටක ප්‍රධාන පුරවැසියා වන්නේ එම රටේ පාලකයාය. ඔහුගේ ක්‍රියා කලාපය එම රටේ සෞභාග්‍යට හෝ විනශයට හේතු වේ. ඒ අනුව බුදු දහම අවධාරණය කරන්නේ පාලකයා සමාජ ආචර ධර්ම රකින, ධර්මික පිළිවෙත් අනුගමනය කරන්නෙකු විය යුතු බවයි. මීට අදාළ බෞද්ධ ඉගැන්වීම් අතර,  * දස රාජ ධර්ම * දස සක්විති වත් * සප්ත අපරිහානී ධර්ම * සතර අගතියෙන් වැළකීම * සතර බ්‍රහ්ම විහාර * සතර සංග්‍රහ වස්තු * පඤ්චසීල ප්‍රතිපදාව යන කරුණු සුවිශේෂ වේ. මෙ ම ඉගැන්වීම් මගින් බෞද්ධ රාජ්‍ය පාලනයක පැවතිය යුතු ශික්ෂණය, සදාචාරත්මක බව, සමගිය, සමෘද්ධිය, සමානාත්මතාව, නිදහස හා දැහැමි බව ද වෙසෙසින් අවධාරණය වේ. මේවා රාජ්‍ය පාලනයට පමණක් නොව එදිනෙදා ජීවිතයේදී ද වෙනත් පාලන කටයුතු වලදී ද ආදර්ශ ගත හැකි පිළිවෙත් ය. එ බැවින් ඒ පිළිවෙත් එකිනෙක මෙසේ විමසා බලමු. දස රාජ ධර්ම  දැහැමි පාලනයකට අවශ්‍ය වන එක් ඉගැන්වීමකි දසරජධ...