නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස භවග්ගු පදාහ අවීචි හෙට්ඨතො එත්ථන්තරෙ සත්ත කයුප පන්නා රූපී අරූපී ච අසඤ්ඤි නො දුක්ඛා පමුඤ්ච්න්තු ඵුසන්තු නිබ්බුතිං! බුද්ධ යනු ඤාණයට නමකි. එනම් දුක, දුකට හේතුව, දුකින් නිදහස, එම නිදහසට මග යන සැබෑ සතර දක්නා ඤාණයයි. සෝවාන්, සකදාගමී, අනාගාමී, අරහත් යන සතර මහ සතර ඵ්හලයට පත්වූවෝ යටකී චතුස්සත්ය ඤානය ලැබුවහු වෙති. "ආගම" යනු පැමිණීමයි. එවිට බුද්ධ+ආගම=බුද්ධාගම යනුවෙන් ගත්කල එකී චතුස්සත්ය ඤානයට හෙවත් සතර මග සතර ඵල ඤානයට පැමිණීම බුද්ධගම බව පෙනේ. බුදු වීම තුන් ආකරයකි. ලොව්තුර බුදු, පසෙ බුදු, මහරහත් බුදු යනු ඒ තුන් අකරයයි. ඉන් ලොව්තුරා බුදු වීම නම් කිසිවෙකුගේ ආධාරයක් නැතුව ස්ව ශක්තියෙන්ම චතුසත්ය අවබෝධ කර ගැනීමයි. පසෙ බුදු වීමට නම් බුදුවරුන් නූපදින කාලයක පෙර පුරුදු තාව අනුව සිත මෙහෙයවීමෙන් අනිත්ය, දුක්ඛ, අනාත්ම තත්වයන් වැටහීමට යම්කිසි උපදේශයක් ලැබීමෙන් චතුසත්ය අවබෝධ කර ගැනීමයි. රහත් වීම නම් බුද්ධ කාලයක දී ඒ ලොව්තුරා බුදුන්ගේ අනුශාසනාව ලෙස පිළිපැද ශීල, සමාධි, ප්‍රඥා වැඩීමෙන් චතුසත්ය අවබෝද කර ගැනීමයි. මේ තුන් ආකාර බුදු බවම ලෝකෝත්තරයයි. ලෝකයෙන් එ...